රාජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු ආසනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලබා දීමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ වන විට තමාගේ ප්‍රජා අයිතිය අහෝසි වී ඇති බවයි රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ.

මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා කියා සිටියේ ප්‍රජා අයිතිය හිමි වූ විගස තමන් යළිත් ජනතාව වෙනුවෙන් දේශපාලනයට පැමිණීමට සූදානම් බවයි.

ඒ මහතා සඳහන් කරන්නේ තවමත් තමන් වෙත ජනතා ආකර්ෂණය රැඳී පවතින බවයි.

https://www.vnews.lk/storage/2023/02/RANJAN-RAMANAYAKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content