වසර විසි පහකට පසුව සිය සේවකයින්ට යෙන් 28,440ක වැටුප් වැඩිවීමක් ලබාදීමට ටොයෝටා මෝටර් සමාගම එකඟ වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ජපානයේ ප්‍රමුඛ සමාගම් වන ටොයෝටා, පැනසොනික් සහ නිසාන් සමාගම් ද වැටුප් වැඩිකරන ලෙස සිය සේවක වෘත්තීය සමිති කළ ඉල්ලීම් සඳහා සම්පූර්ණ එකඟත්වය ලබාදී ඇත.

අදාළ පාර්ශ්වයන් අතර වැටුප් සම්බන්ධයෙන් පැවැත්වෙන වාර්ෂික සාකච්ඡා සාර්ථකව නිමවූ බව සඳහන් ය.

WhatsApp Group

Skip to content