කණ්ඩායමේ සාමාජිකයන් නිසි වේලාවට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් බංගලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පවසනවා.

 

මෙම තරගාවලියේදි සියයට සියයක් දස්කම් දැක්වීමට නොහැකි වුවද කණ්ඩායමේ වැරදි නිවැරදි කරගනිමින් ඉදිරි තරග සදහා මුහුණ දීමට කටයුතු කරන බවයි ඔහු සදහන් කළේ.

 

බංගලාදේශ තරගාවලිය නිමා කර යළි මෙරටට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළා.

WhatsApp Group

Skip to content