මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

13 වන ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනුයි මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැති මෙම සාකච්ඡාවේදී පොලිස් බලතල සම්බන්ධයෙන් දීර්ඝව සාකජාවට ලක්ව තිබෙනවා.

උතුරු පළාත තුළ සිදුවන අපරාධ දිනෙන් දින ඉහළ යාම සම්බන්ධයෙන් ද දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාව දැනුවත් කර තිබෙනවා.

මේ අතර පොලිස් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා කොළඹ දී මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ පොලිස් බලතල පළාත් සභාවෙත ලබා දීම තුළින් විශාල අර්බුදයක් සිදුවන බවයි.

https://www.vnews.lk/storage/2023/08/DAYASIRI-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content