පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරය සඳහා නීතිඥ චමින්ද කුලරත්න මහතා පත් කර තිබෙනවා.

මේ වන තෙක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ටිකිරි ජයතිලක මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයකු ලෙස පත්වීම නිසා එම තනතුර පුරප්පාඩු වූ අතර, ඒ අනුවයි කුලරත්න මහතා මෙලෙස පත් කර ඇත්තේ.

මෙම තනතුර පුරප්පාඩු වීමත් සමග පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ අනුමැතියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින් කැඳවනු ලැබූ අයදුම්පත් සැලකිල්ලට ගනිමින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content