ටික්ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීම සදහා වන පනත් කෙටුම්පතක් අමෙරිකාවේ එක්සත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා.

මේ අනුව අදාළ පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත වී ඇති අතර එය නීතියක් බවට පත්කිරීම සදහා සෙනෙට් සභාවේ අනුමැතිය හිමි විය යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

2012 වසරේ චීන සමාගමක් විසින් ආරම්භ කරන ලද මෙම යෙදවුම හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවට මත පළ වී තිබුණා.

ඒ අනුවයි නීති සම්පාදකයින් විසින් මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content