ටැක්ටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට තවත් පිරිසක් විසින් සිදු කළ පහරදීමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුඵ තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදු කර ඇති බවයි.

ටැක්ටර් රථය ගමන් කරන මාර්ගයට බාධක යොදමින් ගමන අඩාල කර එක්වරම ඔවුන් පහර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18 ත් 35 ත් අතර වයසේ පසුවන වෙල්ලන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව සදහන්.

මන්නාරම – යාපනය මාර්ගයේ වෙල්ලන්කුලම ප්‍රදේශයේ කෝවිලක පූජාවක් සදහා සහභාගි වී නැවත යමින් සිටි පිරිසක් මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවටයි පොලිසිය සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content