ෆේස්බුක් මව් සමාගම වන මෙටා විසින් ට්විටර් සමඟ තරග කරන ත්‍රෙඩ්ස් (Threads) යෙදුම එළිදක්වා තිබෙනවා.

එලොන් මස්ක් ට්විටර් අත්පත් කරගැනීමෙන් පසුව ඇතිවූ ව්‍යාකූල තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා මෙය දියත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම යෙදුම හරහා ඉන්ස්ටර්ග්‍රෑම් වෙත සම්බන්ධ වීමට ද හැකි බව සඳහන්.

එමෙන්ම මෙය ඉන්ස්ටර්ග්‍රෑම් වේදිකාවේම දිගුවක් ලෙස හැඳින්විය හැකි බවයි වාර්තා වන්නේ .

මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පැවසුවේ පළමු පැය හතර තුළ ග්‍රාහකයින් මිලියන 5ක් ඒ හා සම්බන්ධ වී ඇති බවයි.

WhatsApp Group

Skip to content