අත්අඩංගුවට ගනු ලැබූ ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව ඔහු එළැඹෙන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.

ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අද(06) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.


ජෝතීර්වේදී ඉන්දික තොටවත්ත අත්අඩංගුවට [Oct 6, 2023 at 16:44]

ජෝතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය මගින්.

ආගමික අපහාසයක් සිදු කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු තොටවත්ත මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content