ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙකට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත සංචිතයට නවක වේගපන්දු යවන්නෙකු වන ජොෂ් හල් කැඳවා තිබෙනවා.

ඒ, ආබාධයට ලක්වූ වේගපන්දු යවන මාක් වුඩ් වෙනුවටයි.

දෙරට අතර අවසන් වූ පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක් වීම හේතුවෙන් මාක් වුඩ්ට ඉතිරි තරග ක්‍රීඩා නොකරන ලෙසට වෛද්‍ය නිර්දේශ ලැබී තිබුණා.

20 හැවිරිදි වියේ පසුවන වමත් වේගපන්දු යවන්නෙකු වන ජොෂ් හල්, ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් බව සඳහන්.

ඔහු මීට පෙර කිසිඳු ජාත්‍යන්තර තරගයකට සහභාගි වී නැහැ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පුහුණු තරගයේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායම නියෝජනය කළ ජෝෂ් කඩුලු 05 ක් බිඳලීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content