ඉතාලි ජාතික සංචාරකන් දෙදෙනෙකුට තිස්සමහාරාම අධිකරණය විසින් රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ ඔවුන් දෙදෙනා යාල ජාතික වනෝද්‍යානයේ රක්ෂිත ප්‍රදේශයකදී බත් කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යාමට උත්සහ කිරීම හේතුවෙන් .

මෙම දඩ මුදල නියම කර ඇත්තේ වයස අවුරුදු 58ක් සහ වයස අවුරුදු 28 ක් වන පිය පුතු දෙපළකටයි.

එය තිස්සමහාරාම අධිකරණය තුළ ඉතිහාසයේ නියම කරන ලද විශාලතම දඩ මුදල බවට පැවසෙනවා.

ඒ අනූව ලබන 29 වැනිදා දඩ මුදල ගෙවන ලෙසයි ඔවුන්ට නියෝග කර ඇත්තේ.

දඩ මුදල ගෙවන තෙක් ඔවුන්ට රටෙන් පිටව යාමට කිසිදු අවසරයක් නොමැති බවද අධිකරණය විසින් දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content