ශ්රී ලංකා යුද්ධ හමුදාව සහ චීනයේ නොරින්කෝ පුද්ගලික ආයතනය ඒකාබද්ධව සිදුකිරීමට නියමිත ඇ.ඩො. මිලියන 20ක ආයෝජනයක්‌ වන ජෛව කාබන් ව්යාපෘතිය සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (06) ආයෝජන ප්රවර්ධන අමාත්යංශ පරිශ්රයේ දී පැවැත්විණ.
මේ සඳහා ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු එක් වූහ.
අදාළ ව්යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්ය උපදෙස් සහ ලබා ගැනීමට මෙහි දී කටයුතු කර ඇත.

WhatsApp Group

Skip to content