වයස අවුරුදු 60 ට වැඩි ජේ්‍යෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතිකය සියයට 10 ක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කමිටුවල නිර්දේශ මත මේ වන විට තැන්පතු සඳහා ගෙවනු ලබන සියයට 7.5 ක පොලී අනුපාතිකය සියයට 2.5 කින් ඉහළ දමා ඇති බව ද සඳහන්.

එලෙස ගෙවනු ලබන පොලී අනුපාතය සහනාධාරයක් ලෙස රාජ්‍ය බැංකු වෙත ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content