අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම දාගැබේ පැලුම් පරීක්ෂා කිරීම සඳහා හෙට දිනයේ විශේෂ කණ්ඩායමක් අනුරාධපුරය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඊට එක්වන බවයි.

ඊට අමතරව දාගැබේ පැලුම් පරීක්ෂා කිරීමට පත්කළ විද්වත් කමිටුවේ සාමාජිකයින් ද ඊට එක්වනු ඇති බව සදහන්.

අමාත්‍යවරයා පැවසුවේ පැලුම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ සඳහා කඩිනමින් යෙදිය යුතු ප්‍රතිකර්ම පිළිබඳ නිගමනයකට එළඹෙන බවයි.

WhatsApp Group

Skip to content