ඊශ්‍රායලයේ ජෙරුසලමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ඉන්දියාව පවසනවා.

ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ශෝකය පළ කරන බවයි.

එමෙන්ම ප්‍රහාරය හමුවේ තුවාල ලැබූ පුද්ගලයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද ඔහු සිය ට්විටර් සටහනේ දක්වා තිබෙනවා.

ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ඉන්දියාව, ඊශ්‍රායලයට දැක්වූ සහයෝගය අගය කරන බවයි ඉන්දියාවේ ඊශ්‍රායල තානාපතිවරයා පැවසුවේ.

පසුගිය 27 වනදා ජෙරුසලමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් 03 දෙනෙකු තුවාල ලැබුවා.

ප්‍රහාරයට සම්බන්ධ තුවක්කුකරු ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

WhatsApp Group

Skip to content