ලබන ජූලි මස මුල් සතියේ දී ගණිතය, රසායන විද්යාව , භෞතික විද්යාව, ජීවවිද්යාව, සිංහල, ඉංග්රීසි, දමිළ මාධ්යයන් හා තාක්ෂණවේදය මෙන් ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරී ගුරු පත්වීම් 2300ක් පමණ ලබා දීමට අවශ්ය පියවර ගන්නා බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පැවසී ය. එම සියලු උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරු ව සම්මුඛ පරීක්ෂණ සඳහා ද මේ වන විට පෙනී සිට ඇතැයි කී අමාත්යවරයා මෙමගින් දක්ෂ ම ගුරුවරුන් දරුවන්ට ලබා දීමට අපේක්ෂා කරන බව පැවසී ය.
අමාත්යවරයා මේ බව පැවසුවේ නාත්තන්ඩිය ධම්මිස්සර විද්යාලයේ ඉදිකල නව තෙමහල් තාක්ෂණ ගොඩනැගල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.2014 වර්ෂය වන තෙක් විද්යා, කලා, වාණිජ යන විෂය ධාරා තුනක් පැවති නමුත් තාක්ෂණ පීඨ ආරම්භ කිරීමත් සමග තාක්ෂණ විෂය ධාරා ආරම්භ කළ බවත් අද කලා විෂය ධාරාවන්ට වඩා අධික ඉල්ලුමක් පවතින්නේ වෘත්තීය ක්ෂේත්රය සමග සෘජු ව ම සබැඳුණු තාක්ෂණ විෂය ධාරාවන්ට බවත් අමාත්යවරයා මෙහි දී ප්රකාශ කළේ ය.
අධ්යාපනය යථා තත්වයට ගෙන ඒමේ සහ වෙනසක් සඳහා අවශ්ය පසුබිම සකස් කිරීමේ ප්රධාන අභියෝග දෙක ම අධ්යාපන අමාත්ය ධුරයේ වැඩ භාර ගැනීමත් සමග ම භාරගෙන ඒවාට සාර්ථක ව මුහුණ දුන් බවත් අමාත්යවරයා මෙහි දී පැවසී ය.

WhatsApp Group

Skip to content