ජුලි පළමුවනදා පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ලිපියක් මගින් ඒ පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ට අනුව පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමට නියමිතයි.

ලබන සෙනසුරාදා 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන බව දන්වමින් කතානායකවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කර තිබුණා.

WhatsApp Group

Skip to content