නැවතත් ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත්වීමේ මාවතට පිවිසීම පිළිබඳ සතුට පළකරන බව මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය පවසනවා .

ඇය මේ බව කියා සිටියේ ඊයේ කොළඹදී ආරම්භ වූ 2023 ඉන්දු පැසිෆික් පාරිසරික ආරක්ෂක සංවාද සමුළුව අමතමින් .

මෙම සමුළුව සදහා සත්කාරකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දෙන අතර ඊයේ දිනයේ සිට දින හතරක් අදාළ සමුළුව පැවැත්වෙනවා .

මේ සදහා රටවල් 28 ක ආරක්ෂක නිලධාරීන් 128 දෙනෙකු ද සහභාගි වී සිටිනවා.

WhatsApp Group

Skip to content