ශාන්ත ලුසියාවේ ඔලිම්පික් රන් පදක්කමක් දිනූ පළමු මලල ක්‍රීඩිකාව බවට පත් වූ ජූලියන් ඇල්ෆ්‍රඩ්ට ගෞරවයක් වශයෙන් ”ජූලියන් ඇල්ෆ්‍රඩ් දිනය” නමින් විශේෂ දිනයක් නම් කර තිබෙනවා.

ඇය මීටර 100 ඉසව්වෙන් තත්පර 10.72 ක් වාර්තා කරමින් ජාතික වාර්තාවක් සමඟින් රන් පදක්කම් හිමිකර ගනිමින් ඉතිහාසගත වූ අතර, මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කමක් ද දිනා ගනු ලැබුවා.

ඇයගේ මෙම අසාමාන්‍ය ජයග්‍රහණයට පෙර ශාන්ත ලුසියන් කිසිවෙක් ඔලිම්පික් පදක්කමක් දිනාගෙන නොතිබීමද මෙහි ඇති විශේෂත්වයක්.

ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසු ප්‍රථම වරට ඇය සැප්තැම්බර් 24 වැනිදා නැවත ශාන්ත ලුසියා වෙත පැමිණියා.

 

WhatsApp Group

Skip to content