දකුණු ඉතියෝපියාවේ සිදු වූ නායයෑම් දෙකකින් පුද්ගලයීන් 200 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගෝෆා කලාපයේ දුෂ්කර ප්‍රදේශයක අධික වර්ෂාවත් සමඟ පළමු නායයාම පසුගිය සඳුදා සිදු වූ අතර දෙවන නායයාමෙන් උපකාර කිරීමට රැස්ව සිටි බොහෝ දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි එම මාධ්‍ය පවසන්නේ.

මෙම ව්‍යවසනයෙන් අවම වශයෙන් පිරිමි පුද්ගලයින් 148 ක් සහ කාන්තාවන් 81 කු මිය ගොස් ඇති බව ද සදහන්.

WhatsApp Group

Skip to content