ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගන්නට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඔවුන් මේ වන විට තරගාවලියේ තරග හතරකට මුහුණදී තරග තුනක් ජයගෙන ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 06ක්.

එමෙන්ම ප්‍රසාද ලකුණු 06ක් ලබා ගෝල් මාවර්ල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා.

ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටින ක්ලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයයි.

ප්‍රසාද ලකුණු දෙක බැගින් ලබා සිටින දඹුල්ල සහ කැන්ඩි කණ්ඩායම් පිළිවෙලින් සිව්වන සහ පස්වන ස්ථාවල පසුවනවා.

WhatsApp Group

Skip to content