ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් මෝටර් රථයක් අනුරාධපුර, තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වන අලියෙකුගේ ගැටීමෙන් පසුගිය වසරේ අනතුරට පත් වුණා.

ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර එවීමටයි කටයුතු කරනු ලැබුවේ.

ඒ අනුව ජැක්සන් ඇන්තනී මහතා ජීවිතක්ෂයට පත්වන තෙක් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

WhatsApp Group

Skip to content