අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ලබන 12 වනදා සිදුකිරීමට නියමිතයි.

එදින සවස 03ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම් දෙනවා.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද සවස අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් කරන බව ද දැනුම් දී තිබෙනවා.

https://www.vnews.lk/storage/2023/10/JACKSON-ANTHONY-FEATURE-MIX.mp3?_=1

WhatsApp Group

Skip to content