නීතිවිරෝධි මත්පැන් ජාවාරමක් වැටලීම සදහා ගිය පොලිස් කොස්තාපල්වරයෙකුගේ මළ සිරුර කිලිනොච්චිය මලයාලපුරම් වැවක තිබී සොයාගෙන තිබෙනවා.

කිලිනොච්චිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල සිදු කළ මත්පැන් ජාවාරමක් පිළිබදව තොරතුරු ලැබීම හේතුවෙන් ඒ සදහා ගිය පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු අතුරින් අදාළ පොලිස් කොස්තාපල්වරයා හදිසියේ අතුරුදන් වීම හේතුවෙන් ඔහු පිළිබදව සොයා විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.

ඊයේ දහවල් අදාල වැටලීම සදහා පොලිස් කණ්ඩායම ගිය අවස්ථාවේදී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඒ අසල තිබූ ඇලට පැන පිහිනා ගොස් ඇති අතර එහිදි ක්‍රියාත්මක වූ මෙම කොස්තාපල්වරයා ඔවුන්ව අල්ලා ගැනීමට උත්සය දැරීමේදී අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ කිලිනොච්චිය කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු බවටයි අනාවරණය වන්නේ.

අදාළ සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ කිලිනොච්චිය පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content