පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැම් දේශපාලන කණ්ඩායම් ජනතාව අතර බෙදීම් ඇති කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මුතුර් ආසන සමුළුවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා.

රටතුළ ජාතිවාදය ඇතිකරමින් දේශපාලන බලය ලබා ගැනීමට කිසිවෙකුට ඉඩ ලබා නොදිය යුතු බවයි අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/09/ANURA-KUMARA-EDIT-1-1.mp3?_=1

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට රට පාලනට කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම්දැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ප්‍රශ්න කර සිටිනවා.

ආණ්ඩුකාරවරයා කියා සිටියේ ඒ පිළිබදව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය රටට ප්‍රකාශ කළ යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/09/NAVEEN-DISSANAYAKA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content