ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේදී අයකරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික හැදුනුම්පත සහිත පිටපතක් සදහා වන ගාස්තුව රුපියල් 1000 ක් විය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සදහන් කර තිබෙනවා.

ඊට අමතරව ජාතික හැදුනුම්පත් පිළිබද විස්තරවල සත්‍යතාව සහතික කිරීම සදහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 25 ක් ලෙසත් එය භෞතික ලේඛන මගින් හෝ කොමසාරිස් ජනරාල්වලරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500 ක් ලෙසත් අය කිරීමට නියමිතයි.

මීට අමරතරව ජාතික හැදුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලියාපදිංචි කිරීම සදහා වන ගාස්තුව ද රුපියල් 15,000 ක් විය යුතු බවටයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.

මීට පෙර එම ගාස්තුව පැවතියේ රුපියල් 10,000 ක් ලෙසයි.

WhatsApp Group

Skip to content