ජාතික සුරක්ෂිතතා දිනය අදට යෙදී තිබෙනවා.

මෙම දිනය නම් කර ඇත්තේ සුනාමි ව්‍යසනයෙන් සහ මෙරට සිදුවූ විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කිරීම සදහායි.

2004 වර්ෂයේ සිදුවු සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් තිස් පන්දහසකට අධික පිරිසක් මියගිය අතර තවත් 5,000කට වැඩි පිරිසක් අතුරුදන් වුණා.

එමෙන්ම සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට නියමිතයි.

මෙයට සමගාමීව සුනාමි පිළිබඳ පෙර දැනුම් දිය හැකි නව දුරකථන යෙදවුමක්ද හඳුන්වා දෙනු ඇති.

මේ 2004 වසරේ අද වැනි දිනක සිදුවූ සුනාමි ව්‍යසනය පිලිබදව වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් .

https://www.vnews.lk/storage/2023/12/SUNAMI-FEATURE.mp3?_=1

WhatsApp Group

Skip to content