මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙනවා.
ඒ අනුව අද සිට ලබන 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ක්‍රියාත්මක වන අතර, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මේ අතර ජාතික වෙසක් සතිය නිමිත්තෙන් සමාරම්ක උත්සවය අද අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමට කටයුතු යොදා තිබෙනවා.
ලබන 23 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද වෙසක් සතිය නිමිත්තෙන් මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන ජාතික මහෝත්සවයට එක්වීමට නියමිතයි.
ඒ අනුව මෙම 23 වැනි දින රාජ්‍ය උත්සවය පෙරවරු 9.30ට මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ප්‍රමුඛ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම වැඩසටහනේදී පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමටද නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content