ව්‍යාපෘති කළමනාකරණ ආයතනය 6 වැනි වරටත් පවත්වනු ලබන ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ඨතා සම්මාන උළෙල අගෝස්තු මස 16 වැනිදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වෙනවා.

මේ පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේල ඊට අදාළ සමුළුව 16 වැනිදා පෙරවරුවේම පැවැත්වෙන බවයි.

2023 වසරේදී සියලුම ව්‍යාපෘති ඇගයීමට ලක් කරමින් එහි විශිෂ්ඨ යන අගය මෙන් මෙම සම්මාන පිරිනැමීමට නියමිතයි.

විශිෂ්ඨතා සම්මාන කාණ්ඩ 20 ක් යටතේ මේ සඳහා ඉල්ලුම් කළ හැකි වනවා.

සම්මන්ත්‍රණය එක්දින වැඩමුළුවක් ලෙස පැවැත්වීමට නියමිත අතරල වෘත්තිකයින්ගේ දේශනද මේ සඳහා ඇතුළත්.

වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර සමුළුව සඳහා දෙස් විදෙස් ව්‍යාපෘති කළමනාකරණ සාමාජිකයින් එක්වීමට නියමිතයි.

මෙරට සංවර්ධනයට දායකත්වය සපයන ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කළමනාකරණ ක්ෂේත්‍රයේ උසස් ප්‍රමිතීන් මෙරටට හඳුන්වා දීම මෙහි අරමුණ වී තිබෙනවා.

WhatsApp Group

Skip to content