ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

පසුගිය කාලය පුරාවටම රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති වූ බවයි ඒ මහතා කියා සිටියේ.

එමෙන්ම මෙරට දත්ත වෙනත් රටකට ලැබෙන ලෙස සිදු කෙරෙන කිසිදු ව්‍යාපෘතියක් සඳහා තමන් එකඟ නොවන බවද ජනාධිපතිවරයාට දැනුම් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටියා.

ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

WhatsApp Group

Skip to content