ජාතික රෝහල තුළ අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා.

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ සෞඛ්‍ය උපකරණ හිඟ වීම ඇතුඵ ජාතික රෝහලේ මතුව ඇති ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට නියමිතව තිබූ බවයි.

කෙසේ වෙතත් අද දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම හේතුවෙන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අත්හිටවූ බවයි එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/07/RAVI-KUMUDESH-EDIT-1.mp3?_=1

 

WhatsApp Group

Skip to content