ආසියානු සත් සාමාජික රගර් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම දිවයිනට පැමිණියා.

එම තරගාවලියේ තුන් වන ස්ථානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබෙනවා.

මෙම තරගාවලිය පසුගිය 04 වනදා සහ 05 වනදා ආසියානු කළාපයේ රටවල් 32 ක සහභාගීත්වයෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වුණා.

ශ්‍රී ලංකා රගර් කණ්ඩායමට වසර 05 ක ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබීමෙන් පසුව සහභාගී වූ පළමු තරගය මෙය වීම විශේෂත්වයක් .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා රගර් සම්මේලනයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

WhatsApp Group

Skip to content