ජාතික පොසොන් සතිය අද සිට ආරම්භ වනවා.
අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලය කේන්ද්‍ර කරගෙන මෙවරත් පොසොන් උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතිනවා.
පොසොන් පොහොය නිමිති කර ගනිමින් දිවයින නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය ආහාර, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය ඇතුළු සියලු යටිතල පහසුකම් සපුරාලීමටයි පොසොන් කමිටුව පියවර ගෙන ඇත්තේ.
හතළිස් පස් වැනි වරට මෙවර පැවැත්වෙන සති පිරිත් පින්කම සඳහා අද සිට විසි පස්වැනිදා දක්වා දින නවයක කාලයක් වෙන් කර තිබෙනවා.
අද පස්වරුවේ ඉසුරුමුණිය රජමහා විහාරයේ සිට මහා විහාරය දක්වා පැන් පෙරහරෙන් මෙම පුණ්‍ය කටයුත්ත ආරම්භ වන අතර, හෙට දිනයේදී ශ්‍රී මහා බෝධීන් වහන්සේ පුදබිමේ ඉදිකරන ලද විශේෂ පිරිත් මණ්ඩපයේදී සති පිරිත් දේශනය ආරම්භ කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content