ජුනි මස 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දින ජාතික සැමරුමට සමගාමීව ජාතික පරිසර සතිය මැයි 30 සිට ජුනි මස 05 දක්වා ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ඊයේ (30) දිනය නම් කර තිබුණේ තිරසර ඉඩම් කළමනාකරණ දිනය ලෙසයි.

භූ විද්‍යා හා පතල් සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සම්බන්ධීකරණයෙන් මෙහි ප්‍රධාන වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගෙන පැවැත්වේ. මෙහිදී හානියට පත් භූමි පුනරුත්ථාපනය, පාංශු සංරක්ෂණය හා තිරසර ඉඩම් කළමනාකරණය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කිරීමට නියමිතය. කෘෂිකාර්මික ඉඩම් දීර්ඝකාලීනව භාවිත කළ හැකි පරිදි යෙදවීම සම්බන්ධයෙන් ගොවීන් හා වැවිලිකරුවන් දැනුවත් කිරීම් ද සිදු කෙරේ

‘’ඵලදායි භූමි පරිහරණයෙන් සුවදායි දෙරණක්’ යන ජාතික තේමාව යටතේ මෙම වසරේ ජගත් පරිසර ජාතික සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 05 වනදා කලවාන කූඩව සිංහරාජ පිවිසුම අසලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

WhatsApp Group

Skip to content