ගල්කිරියාගම ජාතික නාමල් උයනේ නිර්මාතෘ අතිපූජ්‍ය වනවාසල රාහුල නායක හිමිපාණන් වහන්සේගේ විශේෂ ඉල්ලීමකට අනුව සිදු කෙරෙන මඩාටුගම-ආඩියාගල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ශ්‍රී ලංකාව සතු සුවිශේෂීම පරිසර පද්ධතියක් වන ජාතික නාමල් උයන සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් පූජ්‍ය වනවාසී රාහුල නායක ස්වාමීන් වහන්සේ විසින් මේ වන විට දශක ගණනාවක් තිස්සේ සුවිශේෂී ජාතික ආගමික හා සමාජයීය සේවාවන් රැසක් සිදු කරමින් පවතී.

ඒ අනුව මේ වන විට ඉතාමත් දුර්වල තත්ත්වයට පත්ව තිබෙන ප්‍රදේශයේ මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස නායක ස්වාමීන් වහන්සේ විසින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මඩාටුගම සිට ආඩියාගල මාර්ගයේ කිලෝමීටර් 13ක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කටයුතු මෙලෙස ආරම්භ විය. ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මඩාටුගම සිට ජාතික නාමල් උයන ප්‍රවේශ මාර්ගය දක්වා කිලෝමීටර් අටක මාර්ග කොටස කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කෙරෙනු ඇත.

WhatsApp Group

Skip to content