ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා .

මෙරට අධ්‍යාපන කේෂ්ත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට එමගින් හැකි බවයි ඔහු පැවසුවේ .

තරගකාරී අධ්‍යාපන ක්‍රමවේදයක් තුළ ගුණගරුක සමාජයක් ගොඩනැඟිය නොහැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් .

වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටක කාලීන අවශ්‍යතාවයක් බවත්, විශ්වවිද්‍යාල සඳහා තිබෙන පිළිගැනීම එම ආයතනවලටත් ලබාදිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කලා .

https://www.vnews.lk/storage/2023/09/WIJEDASA-RAJAPAKSHA-EDIT-.mp3?_=1

මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පල කල අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා.

https://www.vnews.lk/storage/2023/09/WIJEDASA-RAJAPAKSHA-EDIT-02-.mp3?_=2

WhatsApp Group

Skip to content