ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා පත්කර තිබෙනවා .
අදාළ පත්වීම් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කිරිමටයි කටයුතු කලේ .

ඉන් අනතුරුව මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා ජාතික අධ්‍යාපන අයාතනයේ දී සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා .
ඔහු ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනය, ගුරු වෘත්තීය සංවර්ධනය, අන්තර්කරණ අධ්‍යාපනය, පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ අත්දැකීම් රැසක් සහිතව ක්‍රියාකාරීව කටයුතු කරන විද්වතෙක් වශයෙන් සැලකෙනවා .

 

WhatsApp Group

Skip to content