ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපති මාරියා ගාර්සා දින 05ක සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය වනවා. මාරියා ගාර්සා එම මණ්ඩලයට පත්වූ පළමු සභාපතිනිය ද වනවා.

මෙම මස 22 වැනිදා දක්වා මෙරට රැදී සිටින ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුද පෞද්ගලික අංශයේ ප්‍රධානීන් ද හමුවීමට නියමිතයි.

ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ ශාඛාවන් රටවල් 170ක පිහිටා තිබෙන අතර එහි සාමාජිකයින් කෝටි 4.5ක් සිටිනවා.

WhatsApp Group

Skip to content