ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

මෙම තෙවන සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළග ණය වාරිකය ලබාදීමට නියමිතයි.

WhatsApp Group

Skip to content