ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඔවුන් විසින් මෙරට ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය හෙට සිට ලබන 24 වන දා දක්වා පැවැත්වීමට නියමිත බව සදහන්.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මෙරටට පැමිණීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

අද දින ජනාධිපතිවරයා කියුබානු සංචාරයකට එක්ව සිටීම හේතුවෙන් එම සාකච්ඡාව අද රාත්‍රියේ හෝ හෙට පෙරවරුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

WhatsApp Group

Skip to content