ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වන විට වාණිජ ණය හිමියන් සමග එකඟතාවකට එළඹීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ වන විට බැඳුම්කරහිමියන් සමග ඩොලර් බිලියන 12 ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සදහා සාකච්ඡා කරමින් පවතින අතර එය ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය පියවරක් ලෙසයි සැලකෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකාවක් වන ජූලි කොසැක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම කරුණු සදහන් කර තිබුණා.

WhatsApp Group

Skip to content