ඉදිරි මාස 03 ක කාලය තුල ශ්‍රී ලංකාවේ ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛත්වය දිය යුතු කරුණු 16ක් ඇතුලත් විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මෙරට මුල්‍ය පාලනයේ සහ කළමණාකරණයේ දුර්වලතා රැසක් එමගින් පෙන්වා දීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම සේවක අර්ථ සාධක අරමුදල මහබැංකු පරිපාලනයෙන් ඉවත්කරන ලෙසටද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් පසුගිය මාර්තු 09 වනදා සිට මාර්තු 31 දක්වා කාලය තුළ එහි නියෝජිත කණ්ඩායමක් මෙරට රැඳී සිටිමින් එක්රැස් කළ කරුණු මත පදනම්ව මෙම වාර්තාව සකස් කර තිබෙනවා.

මෙම වාර්තාව නිකුත් කෙරුණේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට අනුමත කළ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ මුල්‍ය පහසුකමට අදාළ පළමු වාරිකයේ සමාලෝචනයෙන් පසුවයි.

WhatsApp Group

Skip to content