ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද මොරොක්කෝවේ මරකේච්හීදී ආරම්භ වනවා.

මෙම සමුළුව ලබන 15 වැනිදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ , ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදු කළ ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි.

එමගින් ශ්‍රී ලංකාව තුළ දැනට සිදුවෙමින් පවතින ආර්ථික ස්ථායිකරණය 2024 දී ආර්ථික වර්ධනයක් කරා ගමන් කරවීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇති බවට තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙම සමුළුවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ,මුදල් අමාත්‍යාංශය ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content