අයි.සී.සී තරගාවලි වෙනුවෙන් ඉදිරියේ දී කාන්තා හා පිරිමි අංශ සදහා සමාන මට්ටමෙන් ත්‍යාග මුදල් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවැති අයි.සී.සී වාර්ෂික රැස්වීමේ දී යි මෙම තීරණයට එළඹ ඇත්තේ.

ඒ අනුව එක්දින ලෝක කුසලාන තරගාවලි, 20යි 20 ලෝක කුසලාන තරගාවලි මෙන්ම වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලි සදහා ඉදිරියේ දී කාන්තා හා පිරිමි කණ්ඩායම්වලට සමාන ත්‍යාග මුදල් පිරිනැමීමට නියමිතයි.

WhatsApp Group

Skip to content