ජාත්‍යන්තර ක්‍රිකට් ඇකඩමි කවුන්සිලයේ චැම්පියන්ස් කුසලාන තරගාවලිය ලබන මස 18 වනදා කොළඹ දී ආරම්භ වනවා.

ඒ, ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය සහ සිම්බාබ්බේ යන රටවල සහභාගීත්වයෙන්.

ශ්‍රී ලංකා වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩෙසර්ට් ක්ලබ්ස් ක්‍රීඩා ඇකඩමිය විසින් මෙය සංවිධානය කරන අතර ලබන දෙසැම්බර් 24 වනදා දක්වා තරගාවලිය පැවැත්වෙනවා.

වයස අවුරුදු 13 න් පහළ පන්දුවාර 40 සහ වයස අවුරුදු 15 න් පහළ පන්දුවාර 50 තරග මෙහි දි පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content