ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මධ්‍යස්ත ධජයක් යටතේ ඔලිම්පික් හී ක්‍රීඩා කිරීමට නිර්දේශය ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් 2024 පැරීසියේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සදහා මෙම තීරණය බලපාන්නේද නැද්ද යන්න පිළිබද සදහන් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් හී ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පියවර ගත්තා.

ඒ අනුව 2024 පැරීසියේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සදහා රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මධ්‍යස්ත ධජයක් යටතේ තරග කිරීමට අවසර ලබා දීම පිළිබද 2024 තරගාවලිය ආසන්නයේදී ගන්නා බවද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content