ජාත්‍යන්තරය සමග ආර්ථික සබඳතා පුළුල් කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉන්දියාව සහ කලාපීය විස්තීරණය සහයෝගිතා සංගමයේ රටවල් සමග ආර්ථික සහයෝගිතාව ඇතිකර ගැනීම මෙන්ම යුරේපා සංගමය සමගද සබදතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

ගෝලිය වශයෙන් සිදුවන වෙනස්වීම් හමුවේ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව ඉතා වැදගත් වන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

ණය අර්බුද, දේශගුණික විපර්යාස,වෙළද ගැටළු සහ කලාපීය ගැටුම් ඇතුළු සියලු දේ එකිනෙකට සම්බන්ධව පවතින බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

WhatsApp Group

Skip to content