ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලි අනුපාත සම්බන්ධයෙන් පැහැදිලි විශ්ලේෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම් සදහා වර්ෂයකට රුපියල් බිලියන 80ක් පමණ අවශ්‍ය වන බවයි.

මීට පෙර ඒ සදහා ලබා දුන් මුදල් සදහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක මුදලක් ගෙවීමට ඇති බව ද රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා.

ඒ අනුව රටතුළ මේ වන විට පවතින මුදල් ප්‍රවාහ පිළිබද සැලකිලිමත් වෙමින් පැහැදිලි වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබා දීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content