ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තාවන්වා.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පසු පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස සැලකෙන්නේ පතිනායක මහතායි

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එරෙහිව චෝදාන එල්ල වී තිබුනා,.
කෙසේවෙතත් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පත් කෙරුණු විනිසුරු මඩුල්ලක් මගින් චෝදනාවලින් ඒ මහතා නිදහස් කොට නිදහස් කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content