සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම කැඳවීම සිදු කර ඇති බව සඳහන්.

පොලිස්පතිවරයෙකු නොමැතිව ඉදිරි ජනාධිපතිවරණයේදී රාජකාරී කළ යුතු ආකාරය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව බවයි වාර්තාවන්නේ.

WhatsApp Group

Skip to content